ජනාධිපති නිදහස් පක්ෂෙ ගණන් ගන්නෙවත් නැහැ, අපිට හරි දුකයි – දයාසිරි ජයසේකර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බවත් ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සැළකිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ඔහු පවසා ඇත්තේ රටපුරා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් 1000ක පමණ පිරිස රජයේ කිසිදු සංවර්ධන ක්‍රියාවලියකට සම්බන්ධ කරගෙන නැති බවයි. නිදහස් පක්ෂයේ සියලු දෙනාම මේ ආණ්ඩුව විසින් කරන කෙනෙහිලිකම් නිසා බලවත් කණස්සල්ලෙන් සිටින බව ද දයාසිරි ජයසේකර පවසා ඇත.
එළඹෙන පලාත් සභා මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිලිතුරු දුන් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලුවත් එය මෙතෙක් නොලැබුන බවයි.
The post ජනාධිපති නිදහස් පක්ෂෙ ගණන් ගන්නෙවත් නැහැ, අපිට හරි දුකයි – දයාසිරි ජයසේකර appeared first on Lanka Views | Views of the truth.