මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600ට ස්ථාන මාරු
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබේ.
මෙම මස 03වන දින වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මොටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස්ගේ අත්සනින් මෙයට අදාල නිල නිවේදනය නිකුත් කර ඇත.
එම ලිපියේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් පවසා ඇත්තේ තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවයි.
ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන ඇතැයි ද සුමිත් අලහකෝන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු හිටි හැටියේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවට ගිය අතර එහි කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය ක්‍රම හඳුන්වා දෙන බව ප්‍රකාශ කර තිබුණි. නමුත් මෙතෙක් කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු දක්නට නොලැබුණි.
The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600ට ස්ථාන මාරු appeared first on Lanka Views | Views of the truth.