රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක්
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා.
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතකදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දෙස් විදෙස් විනිමය වෙළෙදපොලේ මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරනවා. මෙම ක්‍රියාමාර්ගයත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වාගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය පසුගිය මාසයේ නිරීක්ෂණය කර ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා. නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. එය ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම හයක් වනවා.
සංචිත මට්ටම ඉහළ නැංවීම සදහා මහ බැංකුවේ දෙස් විදෙස් හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබෙනවා.
මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදෙස් විනිමය ලැබීම් ඉහළ යාමට හේතුවනවා. එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වාගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සදහාද උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
The post රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් appeared first on ITN News.