බටහිර පර්යන්තය ආයෝජනයට ඉන්දියාව-ජපානය සහ ශ්‍රී ලංකාව
කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය ඉන්දීය රජය සහ ජපාන රජය සමඟ රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඉන්දීය සහ ජපාන රජයන් නම් කරන ආයතන දෙකක් සමඟ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ඊයේ (01) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.
අනතුරුව එම පර්යන්තය වසර 35ක් එම පාර්ශ්ව විසින් පාලනය කිරීමට යෝජනා වී තිබේ.
මෙම තීරණයට අනුමැතිය හිමිව ඇත්තේ නැගෙනහිර බහළු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යාමට අනුමැතිය හිමිවීමට සාපේක්ෂවයි.
ප්‍රශ්නගත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමටත් බටහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා තිබේ.
The post බටහිර පර්යන්තය ආයෝජනයට ඉන්දියාව-ජපානය සහ ශ්‍රී ලංකාව appeared first on Lanka Views | Views of the truth.