මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති හමුවෙයි
කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (02)මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී ඇතැයි The Hindu පුවත්පත වාර්තා කර තිබේ. එම පුවත්පතට අනුව මහ කොමස්රිස්වරයාගේ මෙම හදිසි හමුවීමට හේතුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු පාර්ශවකයට ලබා නොදී වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබීමයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 51% ක කොටස් ද, ඉන්දියාව සහ ජපානය 49% ක් ද එක්ව උපාය මාර්ගික පර්යන්තය සංවර්ධනය කිරීම යන 2019 දී අත්සන් කරන ලද ත්‍රෛපාර්ශවික ගිවිසුම් ප්‍රාකාරව කටයුතු කිරීම ඉන්දියාව අපේක්ෂා කරන බව මෙරට රාජ්‍ය ප්‍රධානීන් හමුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් පවසා ඇති බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
The post මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති හමුවෙයි appeared first on Lanka Views | Views of the truth.