ලබන සඳුදා පාසල් ආරම්භ කරනවාද? නැද්ද? – අවසන් තීරණය සෞඛය උපදෙස් මත
තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛය බලධාරීන් හා අදාළ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් පසුව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. තුන්වන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.
මෙරට තුන්වන පාසල් වාරය පසුගිය නව වනදා ආරම්භ වීමට නියමිතව තිබුණද පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කෙරුණා. සැලසුම් කළ ආකාරයට තුන්වන පාසල් වාරය අවසන්වීමට නියමිතව තිබුණේ ජනවාරි 15 වනදායි.
මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 18 වනදා සිට 27 වනදා තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
The post ලබන සඳුදා පාසල් ආරම්භ කරනවාද? නැද්ද? – අවසන් තීරණය සෞඛය උපදෙස් මත appeared first on ITN News.