How can Sri Lankan charities find international donors and partners?

ජනතාව විසින් මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය

- colombotelegraph.com

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගිය අවුරුදු 72 මුළුල්ලේ අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් සහ අවසාන ව්‍යවස්ථාවට සංශෝධන විස්සක් තිබුණි. ස්වාධීන රටක් පළමුකොටම කල යුත්තේ රටේ ජිවත්වන සියළු පුරවැසියන්ටම එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. නිදහස් ශ්‍රී ලංකාව විසින් සම්පාදනය කරන ලද ව්‍යවස්ථා දෙක සහ බොහෝ සංශෝධන සමස්ත ජනතාවගේ අභිලාෂයන් නොව එවකට සිටි රාජ්‍ය නායකයන්ගේ අභිලාෂයන් නිරූපනය කරයි.

ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ.පසුගිය ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්  කිරීම සඳහා ඉමහත් වෙහෙසක් දරන ලද අතර ඔවුන්ගේ ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී විය. එබැවින් ඒ සඳහා සෑහෙන කාලයක්ද ගතවිය. එහි නායකයන්ට මෙය තාර්කික අවසානයක් කරා ගෙන යාමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් නොමැති වීම වෙනම කාරණයකි. එකල සකස් කළ වැදගත් ලේඛණ අතර වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට අනුබද්ධ සියළුම දේශපාලන පක්ෂ වල සාමාජිකයන් ගෙන් සැදුම් ලත් අනු කමිටු හයක් විසින් ඉදිරිපත් කරන ලද විස්තරාත්මක වාර්තාද ඒවා පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ ඉල්ලීමක් පරිදි විද්වත් කමිටුවක් මගින් සකස් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ද සලකා බලන බව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන විද්වත් කමිටුව ප්‍රකාශ කර නොමැත. ආණ්ඩුවේ බලධාරීන්ද ඒ පිලිබඳ කිසිම සඳහනක් කර නොමැත. එබැවින් මෙම ක්‍රියාවද ශ්‍රී ලංකාවේ බෙහෝ විට සිදුවන අළුත් ආණ්ඩුවක් විසින් සියල්ල නැවත මුල සිට පටන් ගැනීමේ පසුගාමී ප්‍රවේශයේ දිගුවකි.

එමතුද නොවේ. ඉහත සඳහන්  කළ වාර්තා ඉදිරිපත් කිරීමට සහාය වූ මන්ත්‍රී වරුන් ගෙන් සමහරකුද විශේෂයෙන්ම මධ්‍යම- පර්යන්ත සබඳතා  කමිටුව  ඉදිරියේ සාක්ෂි දෙමින් බලතල තව දුරටත් විමධ්‍ය ගත කරන ලෙස ඉල්ලූ එවකට මහ ඇමතිවරුන් ගෙන් සමහරකුද එමෙන්ම මධ්‍යගත බලයට සීමා පැනවූ 17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන වලට පක්ෂවූ මන්ත්‍රීවරුන් ගෙන් සමහරකු ද වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලෙස සිටිති. ඔවුන් සියළු දෙනාම බලතල මධ්‍යගත කරන 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. මක්නිසාද යත් එය ජනාධිපති වරයාගේ අභිමතය වූ බැවිනි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක බලය සහිතව සම්මතවූ 1972 ව්‍යවස්ථාව මගින් පරිණත දේශපාලනඥයකු වූ කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ ප්‍රමුඛ දායකත්වය තිබියදී පවා දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය ප්‍රදානය කිරීමට නොහැකි විය. පසු කලෙක කීර්තිමත් විනිසුරු වරයකු වූ මාක් ප්‍රනාන්දු මහතා ගේ යම් දායකත්වයක්  තිබියදී පවා පාර්ලිමේන්තුවේ 5/6 ක බලය සහිතව සම්මතවූ 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපති වරයාට අත්තනෝමතික බලතල පවරා තිබුණි. මේ සියල්ල සිදුවූයේ එවකට සිටි රාජ්‍ය නායිකාව ගේ හෝ රාජ්‍ය නායකයා ගේ හෝ අභිමතය පරිදිය. 

පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති පක්ෂ මගින් ඉදිරිපත් කළ 17 සහ 19 සංශෝධන මගින් රාජ්‍ය නායිකාව ගේ හෝ රාජ්‍ය නායකයා ගේ හෝ අත්තනෝමතික අභිමතය ප්‍රකාශ නොවුනි. එයට පටහැනිව 19 වන සංශෝධනයේදී රාජ්‍ය නායකයා සිය බලතල අඩුකර ගැනීමට උත්සුක විය.

එබැවින් නව ව්‍යවස්ථාව රටට අවශ්‍ය එකක් නොව 20 වන සංශෝධනය මෙන් ජනාධිපති වරයාට අවශ්‍ය එකක් වනු ඇත. ශ්‍රී ලංකාවේ මුඛ්‍ය ගැටළුව නම් පහළ සිට ඉහළට සහ පර්යන්තයේ සිට මධ්‍යයට බලය සංකේන්ද්‍රණය වීමයි.ඉහළ සිට පහළට බලය විතැන් වීම මගින් කාලයක් තිස්සේ දකුණේ තිබෙන ව්‍යවස්ථාව පිලිබඳ ගැටළුවට විසඳුමක් ලැබෙන අතර මධ්‍යයේ සිට පර්යන්තයට බලය විතැන් වීම මගින් කාලයක් තිස්සේ උතුරේ සහ නැගෙනහිර තිබෙන ව්‍යවස්ථාව පිලිබඳ ගැටළුවට විසඳුමක් ලැබේ.

මෙයට බාධාව පසුගිය මැතිවරණ වලදී මතු වුන ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාවයි. එය බාධාවක් වන්නේ ගැටළුව වැරදි පැත්තෙන් අල්ලා ගත් බැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බලවත් වීමට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි. ශක්තිමත් නායකයා ශක්තිමත් දැක්මකින්ද සිය අනුගාමිකයන් සහ ජනතාව වෙත එම දැක්ම ඒත්තු ගැන්වීමේ ලා ශක්තිමත් ප්‍රකාශන බලයකින්ද යුක්ත විය යුතු වෙයි. ඔහුට හෝ ඇයට හෝ සංකේන්ද්‍රණය වූ ව්‍යවස්ථාපිත බලයක් අවශ්‍ය වන්නේ නම් ඔහු හෝ ඇය හෝ ශක්තිමත් නායකයෙක් හෝ නායිකාවක් හෝ නොවේ. සංකේන්ද්‍රණය වූ ව්‍යවස්ථාපිත බලයක්  සහිත නායකයන් අවශ්‍ය වන්නේ ඒකාධිපතිත්වයන්ටය. ඒකාධිපතියකුට අවශ්‍ය වන්නේ අණදීමයි. ඒ අණ පිළිපැදීමට සැදී පැහැදී සිටින අන්තේවාසිකයන් රැළක් ඔහුට අවශ්‍යය. ශක්තිමත් නායකයකු ගේ ශක්තිමත් බව ඇතුළතින් මිස පිටතින් පැමිණිය යුතු නොවේ.

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට අවශ්‍ය  වන්නේ අත්තනෝමතික ව්‍යවස්ථාපිත බලතල සහිත නායකයෙක් නොවේ. අවශ්‍යතාව වන්නේ ශක්තිමත් සහ පුළුල් දැක්මක් ඇති එය සන්නිවේදනය කිරීමේ ශක්‍යතාව ඇති නායකයෙකි.

නෙල්සන් මැන්ඩෙලා එවැන්නෙකි. ඔහු ජනාධිපති වූ පසුව එතෙක් කල් බලය හෙබවූ සුදු අප්‍රිකානා වරුන් රාජ්‍ය පාලනයට මතු නොව සිය පුද්ගලික ආරක්ෂාව සඳහා ජාතික කොන්ග්‍රසයේ සහ පොදු ජනතාවගේ විරුද්ධතාව නොතකා යොදා ගැනීමටද ඔවුන් සියළු දෙනාටම එය අවශ්‍ය දෙයක් බව ඒත්තු ගැන්වීමටද ඔහුට හැකිවිය. ශක්තිමත් නායකත්වය යනු එයයි.

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් තමා ලැබූ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපදය ලංකාව මෙන් නොව වඩාත් පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබේ. මෙරට නායකයන් කිසි කෙනකු මෙසේ හැසිරී නැත. මෙයට එකම ව්‍යතිරේකය වන්නේ එවකට ප්‍රසිද්ධ වූ වාර්තා අනුව 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ක්‍රියා කලාපයයි. ඒ අවස්ථාවේදී වුවද පසුදින අළුයම වනවිට සියල්ල සමථයකට පත්වී තිබුණි. ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය තනිකරම දුර්වලත්වයයි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සියළු ව්‍යවස්ථාපිත බලතල සහිතව එනම් අධිකාරිවාදී ජනාධිපති බලතලද පක්ෂ නායක කමද එම පක්ෂයට තිබූ 5/6 ක ව්‍යවස්ථාදායක බලතලද එම මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීම් ලිපිද සහිතව 1983 කළු ජූලිය පාලනය කිරීමට හෝ ඒ සඳහා යම් සාධනීය පියවරක් ගැනීමට හෝ අසමත් විය. ඒ නයින් ඔහු දුර්වල නායකයෙකි. මෙය ඔහු පිළිබඳව කෙරෙන සම්මත කියැවීමට පටහැනිය. ඔහුට බලය අවශ්‍ය වූයේ ජනතාව ආරක්ෂා කිරීමට නොවේ. තමා ආරක්ෂා වීම සඳහාය.

අගමැතිනි  සිරිමා බණ්ඩාරනායක ඔහුට සාපේක්ෂව වඩාත් ශක්තිමත් නායිකාවකි. ජනාධිපති ජයවර්ධනට තරම් ව්‍යවස්ථාපිත බලතල නොමැතිව වුවත් අවශ්‍ය අවස්ථා වලදී අවශ්‍ය තීරණ ඇය ගත්තාය. මේ සියළු දෙනාටම ඔවුන්ට ආවේනික දුබලතා මෙන්ම ප්‍රබලතා ද ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් නායකයකු යයි මතයක් තිබේ. එය ඔප්පු කිරීමට ඔහුට තවමත් කාලය තිබේ. යම් හෙයකින් ඔහු ශක්තිමත් නායකයකු නම් අප සියළු දෙනාම ඒ පිළිබඳව සන්තෝෂ විය යුතුය. මක්නිසාද යත් ඔහු අපේ ජනාධිපති වන බැවිනි. ඔහුගේම වචන වලින් කිවහොත් ඔහු තමන්ට ඡන්දය නොදුන් ජනතාවද සිංහල බෞද්ධ ඡන්ද වලින් පත් වුවත් සිංහල හෝ බෞද්ධ හෝ නොවන ජනතාවද ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපති වන බැවිනි.

මෙතෙක් ඔහුගේ ක්‍රියා කලාපය සලකා බලන කල හැඟී යන්නේ ඔහු ව්‍යවස්ථාපිත බලය මත විශ්වාසය තබන නායකයකු  බවයි.

එබැවින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට විකල්පයක් අවශ්‍ය වී තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය රටේ නායකයන්ගේද ඔවුන්ගේ අන්තේවාසිකයන් ලෙස ක්‍රියා කරන ඊනියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද ග්‍රහණයෙන් මුදවා ගෙන ජනතාව අතට ගත යුතුය. මෙම කෙටුම්පතට ස්විට්සර්ලන්තයේ හෝ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෝ මෙන් තෝරා පත් කර ගන්නා ලද ජනතා නියෝජිතයන් යම් අවස්ථා වලදී ආපසු කැඳවීමේ බලය ජනතාවට ලබා දීමේ ප්‍රතිපාදන ඇතුළත් කල යුතු යයි මම සිතමි. එමෙන්ම දේශපාලනඥයන් විසින් ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම අතපසු කරන ඔවුන්ගේ පැවැත්මට අදාල වන බොහෝ කරුණු ද ව්‍යවස්ථාවට ඇතුළත් කල හැකිවේ. ඉන් පසුව ජනතා සහභාගිත්වයෙන් සකස් කරන ලද කෙටුම්පත දේශපාලන නායකයන්ට ඉදිරිපත් කල හැකිය. මෙය ඉදිරි වසර කිහිපය තුළ අවසන් නොවන කල් පවතින ක්‍රියාවලියක් වනු ඇත.

මේ සම්බන්ධ විවිධ කතිකාවත් සමාජයේ ඇතිවී තිබේ. එයින් එකක් වන්නේ පසුගියදා රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය මගින් සූම් තාක්ෂණය ඔස්සේ කරන ලද සාකච්ඡාවයි. එයට සම්පත් දායකයන් වශයෙන් ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක සහ කේ. ඩබ්. ජනරංජන යන මහත්වරු සහභාගී වූ අතර සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ජගත් ලියනාරච්චි මහතා විසිනි. සාකච්ඡාව ආරම්භ වූයේ මානව හිමිකම් සහ බලය බෙදීම යන කරුණු ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු අන්දම වුවත් සාකච්ඡාව අවසාන වන විට අදාල යෝජනා විද්වත් කමිටුවට ඉදිරිපත් කර ඒවා ප්‍රසිද්ධ කිරීමටත් මහජන අදහස් මත පදනම්ව ඡායා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටත් එය මහජනයා අතර සංවාදයට ලක් කිරීමටත් තීරණය විය. 

එසේ වුවහොත් මෙය අප සියළු දෙනාටම එකඟ විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව කෙරෙන ප්‍රථම මහජන මැදහත් වීම වෙයි. 

The post ජනතාව විසින් මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය appeared first on Colombo Telegraph.

You may also like

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

- colombotelegraph.com

[…]The post Debate Between Presidential Candidates First: A Point Of View  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the Sri Lanka Navy came to a successful end on Friday (26).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc