සහරාන්ගේ බිරිඳ සිටින තැන දැනුම් දී ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසම
කොවිඩ් ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකු වන මොහොමඩ් සහරාන්ගේ බිරිඳ ඉන්නා තැන දැනුම් දී ඇගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලබන මොහොමඩ් සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් සිරගෙදරින් වැලිකන්දට මාරුකර ඇති බව කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි.
මෙම මාරුව සිදු කර තිබුනේ පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව විභාග කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමත් සමගමය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී ඇත්තේ ඇගේ ජීවිතය අනතුරට ලක්වී ඇති බවට පැමිණිලි ගණනාවක් ලැබීමෙන් අනතුරුවයි.
ෆාතිමා කාදර් සාදියා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙන අවස්ථාවේ මාධ්‍ය ආයතනවලට එය වාර්තා කිරීමද වළක්වා තිබුණි. එහෙත් සාක්ෂි දීමෙන් පසුව සහරාන්ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ තොරතුරු සාදියා ෆාතිමා පාස්කු බෝම්බ කොමිසම හමුවේ අනාවරණය කළ බව ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුණි. මේ අනුව තොරතුරු හෙළිවීම වැලැක්වීම සඳහා ඇයගේ ජිවිතයට යම් අනතුරක් කිරීමේ ඉඩක් පවතින බවද ඇතැම් ජනමාධ්‍ය මත පළ කර තිබුණි.
The post සහරාන්ගේ බිරිඳ සිටින තැන දැනුම් දී ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසම appeared first on Lanka Views | Views of the truth.