අධ්‍යාපනයට වෙන් කරන මුදල් බිලියන 41ක් කප්පාදු කරලා – ජෝසප් ස්ටාලින්
2019 වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හාරදාහකට වැඩි ප්‍රමාණයකින් කප්පාදුවක් සිදුකර ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
2019 වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 167 ක් වෙන් කර තිබූ නමුත් පසුගිය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 126 ක් පමණක් බව ලංකා ගුරු සංගමය පවසයි.
ඒ අනුව බිලියන 41 කට ආසන්න මුදලක් කප්පාදු කර ඇත්තේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙසට වූ ඉල්ලීම ද තුට්ටුවකටවත් මායිම් නොකරමින් බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.
එමෙන්ම ඔහු පවසන්නේ විශ්ව විද්‍යාල 4 ක් ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක් වෙන් කර ඇති නමුත් රුපියල් මිලියන 1000 කින් විශ්ව විද්‍යාල 4 ක් ආරම්භ කළ හැකි ද යන්න ගැටලූ සහගත බවයි.
ලංකා ගුරු සංගමය නිකුත්කළ නිවේදනයක මේ බව සදහන් වේ.
2021 අයවැය යෝජනා තුළින් ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා විසඳන බවට වර්තමාන රජය දුන් පොරොන්දු කඩකරමින් මෙවර අයවැය තුළ එම ගැටලූවට විසඳුමක් ලබාදී නැතිවා පමණක් නොව, ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක් අයවැය වාර්තාව තුළ සඳහන් නොවීම තුළ ගුරු විදුහල්පතිවරු රැවටීමකට ලක්කර ඇති බවත් ලංකා ගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The post අධ්‍යාපනයට වෙන් කරන මුදල් බිලියන 41ක් කප්පාදු කරලා – ජෝසප් ස්ටාලින් appeared first on Lanka Views | Views of the truth.