ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිපිරීම හේතුවෙන් 08 දෙනෙකු තුවාල ලැබුවා. මැඩ්රිඩ් නුවර දේවස්ථානයකට අයත් ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගෑස් කාන්දුවක් ඊට හේතු වී ඇති බවයි ප්‍රදේශයේ නගරාධිපතිවරයා පවසන්නේ. පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. මැඩ්රිඩ් නුවර දේවස්ථානයේ වෙසෙන පූජකවරුන්ට නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දෙන ස්ථානයක් ලෙසයි මෙම ගොඩනැගිල්ල හඳුනාගෙන තිබෙන්නේ.
The post ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.