සුඩානයේ යන මෙරට සාම සාධක නිලධාරීන්ගෙන් යුද හමුදාපතිට ආචාර
සුඩානයේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා භට පිරිස් හමුදාපතිවරයා වෙත උත්තමාචාර පුදකළා.
දකුණු සුඩාන රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන මෙම යුද හමුදා භට පිරිසට 66 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ඇතුළත්. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්, වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු යන රෙජිමේන්තුවලට මෙන්ම යුද හමුදා සේවා බලකායට අයත් පිරිස් ඇතුළත් වනවා.
ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උත්තමාචාර පිරිනැමීමේ සම්මාන පෙළපාලියකට එක්වුණා.
වේරහැර පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එය පැවැත්වුණු අතර යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට ඒක්ව සිටියා.
The post සුඩානයේ යන මෙරට සාම සාධක නිලධාරීන්ගෙන් යුද හමුදාපතිට ආචාර appeared first on ITN News.