කොමිෂන් සභා ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න බැහැ – කතානායක
කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ අයිතිය ජනාධිපතිවරයා සතු බවත් කොමිෂන් සභා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කළ නොහැකි බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත්කර ඇතැයි කියන සාමාජිකයකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
මනූෂ නානායක්කාර – කොමිෂන් සභාවලට නම් පත්කර යැවීමේදී මේ රටේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයෙක්ගේ නමක් තිබුණා.
කතානායකවරයා. – කොමිෂන් සභාවල කතා කරන දේ මේ ස්ථානයේ කතා කරන්න බැහැ.
කතානායකවරයා – එහෙම දේ මෙතෙන කතා කරන්න බැහැ. කොමිසන් සභාව ගැන ඔබතුමාට කතා කරන්න අයිතියක් නැහැ. එය පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා කතා කරන්න බැහැ.
The post කොමිෂන් සභා ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න බැහැ – කතානායක appeared first on Lanka Views | Views of the truth.