බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොරෝනාවෙන් බේරා ගන්න දැඩි අවධානයක් යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස්
බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාව කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සදහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
ජනාධිපති කාර්යාලයේදී දිනපතා පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකාය අද රැස් වූ අවස්ථාවේදීයී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 93 කට හේතුව බෝ නොවන රෝග බව හෙළි වී තිබෙනවා. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත් වුණා. මේ පිලිබද විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් ආරක්ෂා කර ගැනීම සදහා උපදෙස් හා දැනුවත් කිරිම් වහා සිදු කරන ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. ප්‍රා දේශීය බෙහෙත්ශාලා පූර්ණ සක්‍රීයත්වයට කඩිනමින් පත් කරන ලෙසද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නා. හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීම නිවැරදි ක්‍රමය අනුව සිදු වන්නේද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු වනවා. බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට ගෙන ඇති ක්‍රියා මාර්ග ද ජනාධිපතිතුමාගේ විමසුමට ලක් වුණා. කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පලාත්වලට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද එතුමා උපදෙස් දුන්නා.
The post බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොරෝනාවෙන් බේරා ගන්න දැඩි අවධානයක් යොමු කරන්න – ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.