LPL 2020 : ශයිඩ් අෆ්‍රිඩි හෙට දිවයිනට
ලංකා ප්‍රිමිලියන් ක්‍රිකට් තරගාවලිය ලබන විසි හය වනදා හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයටයි.
තරගාවලිය ආරම්භ කරමින් 26 වනදා කළම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ දෙවන තරගය ලෙස 27 වනදා ක්‍රීඩා කරන්නේ ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැප්නා සැටැර්ලියන් යන කණ්ඩායම්. 28 වනදා පැවැත්වෙන තුන්වන තරගය වෙනුවෙන් දඹුල්ලි වයි කින්ග්ස් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ සිව්වන තරගය පැවැත්වෙන්නේ විසි නව වනදායි.
සිව්වන තරගය වෙනුවෙන් කළම්බු කින්ග්ස් සහ ගෝල් ගැලැඩියේටර්ස් තරග වැදීමට නියමිතයි. ලබන තිස් වනදා තරගාවලිය වෙනුවෙන් තරග දෙකක් පැවැත්වෙනවා. එහි පළමු තරගය ලෙස දඹුල්ල වයි කින්ග්ස් සහ ජැප්නා ස්ටැර්ලියන්ස් තරග වදින අතර ගෝල් ගැලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කස් යන කණ්ඩායම් එදින රාත්‍රීයේදී තරග වැදීමට නියමිතයි.
මේ අතර තරගාවලිය සදහා එක්වීමට සූදානමින් සිටින පාකිස්තාන ක්‍රීඩක ශයිඩ් අෆ්‍රිඩි මෙරටට පැමිණීම සදහා නියමිතව තිබූ ගුවන් යානය මග හැරී තිබෙනවා. ඒ අනුව ඔහු හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර අද දිනයේත් තරගාවලිය සදහා ඒක්වීමට නියමිත ක්‍රීඩකයින් රැසක් සිය පුහුණුවීම්වල නිරතවන අයුරු අපට දැක ගන්නට ලැබුණා.
The post LPL 2020 : ශයිඩ් අෆ්‍රිඩි හෙට දිවයිනට appeared first on ITN News.