පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණ හිතූ හිතූ ගණන්වලට
පෞද්ගලික රෝහල් තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරම අදාළ මිල ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී ඇත.
එසේම පෞද්ගලික මට්ටමින් රෝහල් වෙත පැමිණෙන්නන්ට පීසීආර් පරීක්ෂණ සිදුනොකරන ලෙස නියෝග ලබාදී තිබුණද මේ අතුරින් ඇතැම් රෝහල් එම නියෝග නොතකා Drive thru (මෝටර් රථයේ සිටම) පහසුකම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් සිටී.
අදාළ රෝහල් හතර රුපියල් 12,000, 9000, 8800 සහ 8500 යන මිල ගණන්වලට රෝහලට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කරන බව වාර්තා වේ.
මීට අමතරව විදේශයන්ගේ සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලදී ගුවන් සේවාව සපයන සමාගම් සමග එක්ව හඳුන්වා දී ඇති පැකේජ ක්‍රමය ඔස්සේ පීසීආර් පරීක්ෂණය වෙනුවෙන් රුපියල් 19000 දක්වා ඉහළ මිල ගණන්ද අය කෙරෙන බවට චෝදනා එල්ල වේ.
The post පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණ හිතූ හිතූ ගණන්වලට appeared first on Lanka Views | Views of the truth.