ආණ්ඩුව වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට සැරසෙයි
තවම තීරණයක් ගෙන නැතත් වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.
ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු එහිදී පැවසීය. එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව ද ඔහු සඳහන් කළේය.
The post ආණ්ඩුව වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට සැරසෙයි appeared first on Lanka Views | Views of the truth.