ප්‍රජා ජල අභිමානී වැඩසටහනෙන් ග්‍රාමීය ජනතාවට පානීය ජල පහසුකම්
ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාදීමේ දී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙන බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
මෙවර අයවැයෙන් යෝජනාකර ඇති සැමට ජලය ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ජනතාවට අවශ්‍ය කෙරෙන පානීය ජල පහසුකම් සපුරාලීමේදී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. සැමට ජලය ව්‍යාපෘතිය පිළිබද ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා.
දැනට පවත්නා ව්‍යාපෘතීන් කඩිනම් කර ප්‍රජා ජල ව්‍යාපෘති වඩාත් පුළුල් කිරීමෙන් සියලු නිවාසවලට පානීය ජල පහසුකම් ලබාදීමට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ජල සැපයීම කළ නොහැකි ප්‍රදේශවලට මෙන්ම උග්‍ර ජල හිගයෙන් පීඩා විදින ග්‍රාමීය ජනතාවට ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ පානීය ජලය ලබාදීමට ක්‍රියා කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ප්‍රජා ජල අභිමානී වැඩසටහනෙන් ග්‍රාමීය ජනතාවට පානීය ජල පහසුකම් appeared first on ITN News.