පෙ.ස.ප. උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධ නඩුව 2021ට කල් දමයි!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කළ පහරදීම හා ඉන්පසුව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ නඩු විභාගය අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබිණි.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මූලිකත්වයෙන් සාමකාමී විරෝධතාවයට පොලිසිය කළ පහරදීම හා අත්අඩංගුවට ගැනීම නිසා කොරෝනා වසංගත සමයේ විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් සිදුව තිබුණු නමුත් පොලිසිය චෝදනා කළේ වසංගතය වැළැක්වීමේ පියවරක් ලෙස විරෝධතාවට පුද්ගලයන් ඒකරාශිවීඹ වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබාගත් බවය. ඒ නියෝගය අනුව, විරොධතාවට පොලිසිය ඉවක් බවක් නැති ව කඩා පැන සාමකාමී ලෙස සමාජ දුරස්තභාවය ඇතිව නිහඬ විරෝධතාවයේ නිරතවුවන් 52ක් අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේවෙතත් මෙම සිදුවීමේදී අත්අඩංගුවට ගැණුනු 52 දෙනකු අධිකරණයට පැමිණීමේ ගැටලුවලට මුහුණ දී තිබුණු අතර ඔවුන් අතරින් විශාල පිරිසක් බස්නාහිර පළාතට පිටස්තර ප්‍රදේශවල අය බැවින් එම තත්වය සළකා බලා නඩු කටයුත්ත 2021 මාර්තු 5 දක්වා කල්දමන ලදී.
The post පෙ.ස.ප. උද්ඝෝෂණයට පහරදීම සම්බන්ධ නඩුව 2021ට කල් දමයි! appeared first on Lanka Views | Views of the truth.