කොළඹ විශ්වවිද්‍යාල ඉඩම් කොල්ල කෑමේ සැලැස්ම නැවතත්!

- lankaviews.com

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විකුණාදැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආචාරය්වරුන් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව චෝදනාකර සිටී.

මින් පෙරද ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධය පළකළ මෙම ව්‍යාපෘතිය අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලය විනාශ කිරීමේ තත්වයක් බව පැහැදිලිය. ආණ්ඩුවේ නායකත්වය විසින් කොළඹ වටිනා ඉඩම් සමාගම්වලට විකුණා කොමිස් උූපයාගැනීමේ මෙහෙයුමකට අදාළ බව චෝදනා නගන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.අදාළ ඉල්කකය වී ඇත්තේ කොළඹ සරසවියේ ග්‍රහලෝකාගාරය අවට ඉඩම සහ මුත්තයියා පාරේ පිහිටි සරසවි නේවාසිකාගාර භූමි ප්‍රදේශයයි.  එම සරසවියට අහිමි වීමේ අවදානමක් මතුව ඇත. කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩම් විශ්ව විද්‍යලායේ ප්‍රයෙජාජනයට අවශ්‍ය නොවන බවත් ඒවා විශාල පරිමාණයෙන් ආර්ථික ප්‍රතිලාභ උඵදවන  ආයෝජන වෙනුවෙන් යෙදවිය යුතු බවත් ආණ්ඩුවේම ඇමතිවරු අදහස් පළකර ඇත.

මින් පෙරත් කොළඹ සරසවිය ගම්පහ දිවුලපිටියට ගෙන ගොස් ඒම ඉඩම් ආයෝජකයන්ට අධික මුදලකට පැවරිය හැකි බවට පසුගිය ආණ්ඩුවල සැලසුම් අනාවරණය වී තිබිණි. එහිදී අචාර්යවරුන් සහ සිසුන් මතු කළ විරෝධය හමුවේ ඒවැනි සැලසුම් යටපත් විය. මේ වනවිට ආණ්ඩුවේ විකිණීමේ ව්‍යාපෘති හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් කොල්ලකෑමට ඒරෙහිව ආචාර්යවරුන් හා ශිෂ්‍ය ශිෂයාවන් මෙන්ම මව්පියන් අතර විරෝධයක් මතු වෙමින් තිබේ.අධ්‍යාපනයට තවත් අවස්ථා වැඩිකරන බවටත් ප්‍රතිපාදන ලබාදෙන බවටත් පවසන මැතිවරණ කාලයේ මෙන් නොව, මැතිවරණ ජයගත් පසුව පාලකයන් ජනතාවට හිමි සියල්ල කොල්ල කෑමේ නිරත වෙමින් සිටින බව පැහැදිලිය.

අධ්‍යාපන අයිතින් වෙනුවෙන් ශිෂ්‍යයන්, ආචාරය්වරුන් හා මව්පියන් ඇතුලු බහුජන ව්‍යාපාර සිදුකරන අරගලයට කොළඹ විශ්වවිද්‍යාලයේ අනතුරද පරාජය කිරීමේ අරමුණ එක් විය යුතුව තිබේ. මෙම ඉඩම් කොල්ලකෑමේ ප්‍රයත්නය සම්බන්ධයෙන් කොළඹ සරසවියේ ආචාරය්වරුන් කිහිප දෙනකු සිය විරෝධය සටහන්කර තිබිණි. ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන ආකාරයට ශිෂ්‍යයන් හා ආචාරය්වරුන් ගෙන ගිය උත්සාහයන් නිසා කොළඹ විශ්වවිද්‍යාලයට හිමිව තිබුණු භූමිය දෙගුණයක් පමණ විශාල වී එහි අධ්‍යයන කටයුතුවලට පහසුකම් ලබාදීම සිදුව තිබේ. ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකින් මේ බව ප්‍රකාශකර ඇත. නේවාසිකාගාර ගැටලුවලට විසඳුම් ඉල්ලා සරසවි ශීෂ්‍ය ප්‍රජාව ගෙන ගිය අරගලයකින් පසුව, මුත්තයියා නේවාසිකාගාර භූමිය සහ කොළඹ සරසවියට දැනට කළමනාකරණ පීඨය පිහිටා තිබෙන ග්‍රහලෝකාකගාරයට ආසන්න භූමිය හිමි විය. තවද ඒම ශිෂ්‍ය අරගල නිසා පුංචි බොරැල්ල කිත්‍යාකර නේවාසිකාගාර ඉඩමේ අයිතිය සරසවියට තහවුරු වී නේවාසිකාගාරය වඩා ඉඩකඩ සහිතව සංවර්ධනය කෙරිණි.

ඇක්වයිනාස් නේවාසිකාගාර වඩා ඉඩකඩ සහිතව ශිෂ්‍ය ප්‍රජාවට හිමිවූයේ ආණ්ඩුවෙන් දුන් ප්‍රතිපාදන නිසා නොව, 1991- 1992 සමයේ වෛද්‍ය පිඨය අසල බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරයේ සිදුකළ මාරාන්තික උපවාසයකදී ආණ්ඩුවට විසඳුම් දෙන්නට කෙරුණු බලකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

The post කොළඹ විශ්වවිද්‍යාල ඉඩම් කොල්ල කෑමේ සැලැස්ම නැවතත්! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe, who is currently in New Delhi, held a meeting today (10) with India s External Affairs Minister Dr. S. Jaishankar.

- adaderana.lk

The Secretary of the Ministry of Urban Development and Housing, W.S. Sathyananda says that measures will be taken to immediately remove all unauthorized constructions that contribute to flooding in the city of Colombo and its suburbs.

- adaderana.lk

The ÂSri Lanka National Commission for UNESCOÂ Bill, which was presented to the Parliament and submitted to the Sectoral Oversight Committee on Education, has been received the approval of the Sectoral Oversight Committee on Education.

- adaderana.lk

A woman has drowned after reportedly falling from a bridge in Kiriella area in Ratnapura.

- adaderana.lk

The Supreme Court has ordered for a Fundamental Rights (FR) petition filed against Pastor Jerome Fernando to be taken up for consideration before a judge bench chaired by the Chief Justice.

- adaderana.lk

Prime Minister Giorgia Meloni s arch-conservative Brothers of Italy group won the most votes in the European parliamentary election over the weekend, boosting her standing both at home and abroad.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc