මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් පුවතක් පල කළ අයෙක් අත්අඩංගුවට
මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයෙකු අද දින අත්තඩංගුවට ගැනීමෙන් පසු එළඹෙන 18වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. මොහු මහ මග වැටී බොහෝ දෙනෙකු මිය යන බව පුවත් නිර්මාණය කර ඒ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපද සකසා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා කඩුගන්නාව එගොඩ වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ. 35 හැවිරිදි මොහු වාහන ප්‍රතිසංස්කරණ ස්ථානයක හිමිකරුවෙකු බව පැවසේ.
එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.
The post මහ මග වැටී මිය යන අය සම්බන්ධයෙන් පුවතක් පල කළ අයෙක් අත්අඩංගුවට appeared first on Lanka Views | Views of the truth.