ගහපු පදයකුත් නැති බෙරේ පළුවකුත් නැතිවූ සීනි බදු අඩු කිරීමේ විගඩම
කිසිදු වෙළෙඳපොළ සමීක්ෂණයකින් තොරව තාවකාලිකව සීනි විශේෂ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් ජනතාවට කිසිඳු සහනයක් ලැබී නැතත්, තොග වෙළෙඳුන්ට නම් අති විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ.
අවසානයේදී සීනි මිල අඩුකරන ලෙස බලකරමින් රජයට ගැසට් පිට ගැසට් ගැසීමට සිදුවිය.
එසේ වුවත් තීරු බදු සහනය ලබාදීම හරහා රජයට අහිමි වන තීරු බද්ද අවම වශයෙන් කෝටි 700 කට ආසන්න මුදලකි.
සීනි මිළ අඩු කිරීම සම්බන්ධ තීරණයේදී රජය ක්‍රියා කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් නොවන බවත් තම හිතවත් ව්‍යාපාරික ගජ මිතුරන් පිනවීම සඳහා බවත් ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අංශයේ රාජ්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ. ඔක්තෝම්බර් 13 දින විශේෂ භාණ්ඩ සඳහා වූ තීරු බද්ද රුපියල් 50/= සිට ශත 25 දක්වා අඩු කර ගැසට් නිවේදනය නිකුත් කරන විට රටතුළ රුපියල් 50 බැගින් තීරු බදු ගෙවූ සීනි ටොන් 90,000 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇත.
මේ අවස්ථාවේ රජයට ලකුණු ටිකක් රැස්කර දීමේ අරමුණින් යුතුව ලොකු ලූණු, සීනි, පරිප්පු සහ ටින්මාලු සඳහා වූ රු. 50 බද්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ දැනට සතොස සභාපතිවරයා ලෙස කටයුතු කරන නුෂාඩ් පෙරේරා නම් පුද්ගලයෙකු විසින් බව වාර්තා වේ.
මේ සඳහා අමාත්‍යංශයේ කිසිදු මැදිහත්වීමක්, සාකච්ඡාවක් සහ වෙළෙඳපොළ තොග පිළිබඳ සමීක්ෂණයක් නොකර අදාළ යෝජනාවට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගෙන, අරලියගහ මන්දිරයෙන්ද අනුමත කරගෙන, පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්ගේ ආශිර්වාදයෙන් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සීනි අර්බුදය දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති අතර එහිදී සියල්ලගේම ඇඟිල්ල දිගු වී ඇත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙතය.අවසානයේදී අමාත්‍ය මණ්ඩලය ඉල්ලා සිටියේ කෙසේ හෝ සීනි ආනයන සමාගම්වලින් අඩුම මුදලකට සීනි මිළදී ගෙන සතොස මාර්ගයෙන් බෙදා හරින ලෙසයි.
එහෙත් එය කළ හැකි කාර්යයක් බව මේ වනතෙක් පෙන්නුම් කර නොමැත.
The post ගහපු පදයකුත් නැති බෙරේ පළුවකුත් නැතිවූ සීනි බදු අඩු කිරීමේ විගඩම appeared first on Lanka Views | Views of the truth.