කොරෝනා මෘදුකාංග හරහා පෞද්ගලික තොරතුරු ජාවාරම්කරුවන්ට යාමේ අනතුරක්!
ආණ්ඩුව විසින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා හඳුන්වා දෙන StaySafe ජංගම දුරකථන යෙදවුමට අමතරව ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ මෘදුකාංග සම්බන්ධයෙන් ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත.
මේ වනවිට පෞද්ගලික තොරතුරු ඒකරාශිකරන යෙදවුම් ගණනාවක් පෞද්ගලික අංශ විසින් හඳුන්වා දී ඇති බවද ඒවා නිසා ජනතාවගේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයන් අතට පත්වීමේ අනතුරක් ඇති බවද ලංකා තොරතුරු තාක්ෂණ සගංමය අනතුරු අගවයි.
මෙවැනි තොරතුරු දත්ත ගබඩාවකට ඒකරාශි කරන බවට කියැවෙන නමුත් කිසිදු වෙබ් අඩවියක් පවා නැති ඇතැම් පුද්ගලයන් මෙවැනි තොරතුරු එකතු කිරීමේ මෘදුකාංග භාවිත කරමින් අනවශ්‍ය ලෙස ජනතාවගේ පෞද්ගලික හිමිකම් පැහැර ගැනීමේ උථ්සාහයක් සිදුකළ හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා මෙවැනි මෘදුකාංග සම්බන්ධ නිශ්චිත වගකීමක් නොමැති අවස්ථා සහ විශේෂයෙන් පෞද්ගලකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ සහතිකවීමක් අවශ්‍ය බව තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.
ලංකා තොරතුරු තාක්ෂණ සගංමයයේ නිවේදනය පහතින්
The post කොරෝනා මෘදුකාංග හරහා පෞද්ගලික තොරතුරු ජාවාරම්කරුවන්ට යාමේ අනතුරක්! appeared first on Lanka Views | Views of the truth.