ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා. බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඔහු මිය යන විට හැටඅට වන වියේ පසු වුණා.
සුපුන් සදක් අහසෙ පාවුණා, ගොළු හදවත විවර කරන්න, එගොඩ ගොඩේ මල් නෙළනා, සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා වැනි ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරමින් ශ්‍රාවක හදවත් දිනා ගැනීමට පෝල් ප්‍රනාන්දු සමත් වුණා. 1969 වසරේදී ටැලන්ට් සික්සි නයින්ට් ගායන තරගයේ ජයග්‍රහණය ලබමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි පෝල් ප්‍රනාන්දු දශක ගණනාවක් එක ලෙස සිය ජනප්‍රියත්වය පවත්වා ගැනීමට සමත් වුණා. 1951 වසරේ නොවැම්බර් 24 වනදා මොරටුවේදී උපත ලැබූ ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙක්.
The post ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.