ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තිරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත යොමුකළ ලිපියක සඳහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශකිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බවයි.එබැවින් සමගි ජන බලවේගය පක්ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ සඳහන් වනවා. පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මෙම තීරණය ගත් බවයි ඒ මහතා සිය ලිපියේ දක්වා ඇත්තේ.
The post ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ appeared first on ITN News.