කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරක්
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඊයේ (10) රාත්‍රියේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට පැය කිහිපයක් බාධා එල්ල වුණා.
කොළඹ සිට කටුනායක දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අනතුරෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.
රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිවීම අනතුරට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
The post කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරක් appeared first on ITN News.