ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ රත්මලාන අත්තිඩිය නිසලවිමන පොදු සුසාන භූමියේදීයි.
ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා මිය යන විට පසුවුණේ 64 වන වියේයි. ඒ මහතා කලක් රෝගතුරව සිටි අතර ගල්කිස්ස කලාපුර සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණා. ගායනයට අමතරව තාලතරංග වාදකයකු ලෙසද ආරියසිංහ මහතා දක්ෂතා පෙන්නුම් කළා. සෞන්දර්ශ විශ්විද්‍යාලයේ කථිකාචාර්වරියක වන වන ආර්.ඒ දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා “මාලගටම තව ලං වෙලා , වලාකුළු පෙලින් බසින්න“ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා. කොළඹ ඩී.එස්. සේනනායක විදුහලේ සංගීත ආචාර්යවරයකු ලෙස කටයුතු කළ ආරියසිංහ මහතා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධරයෙක්.
The post ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ appeared first on ITN News.