ඔරුවෙන් ඇවිත් බෝට්ටුවේ ගැටී දියවන්නාවේ දී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර හමුවේ
දියවන්නා ඔයේ බෝට්ටුවක් සහ ඔරුවක් ගැටීමෙන් ඊයේ දිනයේ සිදු වූ අනතුරෙන් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.
දියවන්නා ඔයේ පොල්දූව පාලම අසලින් ආරක්ෂක දැළ ඉවත් කර පාර්ලිමේන්තු කලාපයට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදුවුණා. එහිදී බෝට්ටුවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන් වුණා. ඔහු සෙවීම සදහා වැලිකඩ පොලිසිය හා කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ අතර ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගැනුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ 26 හැවිදිරි බුත්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සහ තවත් අයෙකු මසුන් මැරීම සදහා අදාළ ඔරුවේ නැගී දියවන්නා ඔයට පැමිණ ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනෙක් තැනැත්තා පොලිස් භාරයට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
The post ඔරුවෙන් ඇවිත් බෝට්ටුවේ ගැටී දියවන්නාවේ දී අතුරුදහන් වූ තරුණයාගේ සිරුර හමුවේ appeared first on ITN News.