How can Sri Lankan charities find international donors and partners?

LPL අපිට හොඳ ආයෝජනයක් – ආනා පුංචිහේවාගෙන් සහතිකයක්

- srilankacricket.lk

ක්‍රිකට් පමණක් නොව ලොව ඕනෑම ක්‍රීඩාවක නිරත රටක්, එමක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට නම් එම ක්‍රීඩකයින් හෝ ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයේ දක්වනු ලබන දක්ෂතා ඉවහල් වන බව රහසක් නොවේ. ඉන්දියන් සාගරයේ ‘මුතු ඇටය’ ලෙසින් හැඳින්වෙන පුංචි ශ්‍රී ලංකාව දක්ෂතා අතින් ලෝකයේ බලවත් රටක් බවට පත් වන්නේ එකී මූලධර්මය හරහාය. 90 දශකය වන විට සිම්බාබ්වේ හැරුණු විට ක්‍රිකට් ක්‍රීඩාවේ ආධුනිකම කණ්ඩායම ලෙසින් හැඳින්වුණු  මේ කුඩා දිවයින ලොව පුරා කතා බහට ලක්වන රාජ්‍යයක් බවට පත්වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමත් සමඟය.

එකී ජයග්‍රහණය එක් රැයකින් ලබාගත්තක් නොවේ. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී සිම්බාබ්වේට පමණක් ඉදිරියෙන් සිට ඊට පසු වසරේදී ලෝක ශූරයින් බවට කිරුළු පැළඳවූයේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් වූ යෝධ වැඩපිළිවෙළක් තිරයෙන් පිටුපස සිදුවූ නිසාය. එවකට ඒ යෝධ වැඩපිළිවෙළේ නියමුවා වූයේ හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතාය.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තන යුගය ඇරැඹි ඒ සුවිශේෂී ජයග්‍රහණයෙන් පසු ගෙවීයන 25 වැනි වසරේදී  ආනා පුංචිහේවා මහතා විශ්‍රාමික සුවයෙන් පසුවන්නේය. එහෙත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වනු ලබන ඇල්ම, ආශාව තවමත් බිඳක් හෝ අඩුව නොමැති බව අපට දැනුම් තේරුම් ගියේ එළැඹෙන 26 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව ධනාත්මක ආකල්ප රැසක් ඔහු තුළ තිබීම නිසාය.

ඉකුත් 2019 ලෝක කුසලානය දිනා ගැනීම හැරුණු විට ක්‍රිකට් උපන් රට වුණු එංගලන්තයටත් ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳ ගැනීමට නොහැකි අවධියකදී ශ්‍රී ලංකාවට එය යථාර්ථයක් බවට පත් කර දීමට සමත්වූ මේ අසහාය මිනිසා LPL තරගාවලිය සම්බන්ධවය සිය හඬ අවධි කළේ තවස් වසර කීපයක් ඇතුළත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන් ලොව ජනප්‍රිය විස්සයි-20 තරගාවලි අතරට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියත් එක්වේය යන්න තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බව සඳහන් කරමිනි.

“ඇත්තටම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අනාගතයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම ලොව ජනප්‍රියතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් වේවි කියලා මම විශ්වාස කරනවා” යි 1996 ලෝක කුසලාන දිනූ අවධියේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ ආනා පුංචිහේවා මහතා සිය හඬ අවධි කළේය.

“මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරපු කාලේ ඉඳලා මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් රැසක් සිදුවෙලා තියෙනවා. මේ වන විට විස්සයි-20 තරග ලෝකය තුළ ඉතා විශාල ජනප්‍රියතාවයක් ලබලා තියෙනවා. පන්දුවට පහර දීම පන්දු යැවීම එදාට වඩා අද වේගවත් වෙලා තියෙනවා. තරග විනිශ්චයත් එහෙමයි. තරගය පවත්වන කාල සීමාවත් අඩුයි. මේ වගේ දේවල් තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිවීම ස්වභාවිකයි. නරඹන්නන් වැඩි වන තරමට ක්‍රිකට්වලට තියෙන ඇල්මත් වැඩි වේවි” යැයි වසර 20 කට අධික කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති වෙනස්වීම් සම්බන්ධව පුංචිහේවා මහතා සිය අදහස් පළ කර සිටියේය.

“අයි.පී.එල්. තරගාවලිය අද ලොව පුරා ජනප්‍රිය තරගාවලියක් බවට පත්ව තිබුණත් ඔවුන්ට මූල්‍ය ශක්තිය ගොඩනඟා ගැනීමට වසර දෙක තුනක් ගත වූවා. අප අනුගමනය කළ යුත්තේද එම ක්‍රියාමාර්ගයමයි” යැයි පුංචිහේවා මහතා වැඩිදුරටත් කරුණු දැක්වීය.

“Covid 19 තත්ත්වය තුළ ක්‍රීඩාංගණයට ගොස් තරග නැරඹීමට නොහැකි වුණත් නිවෙස් වල සිටින බොහෝ දෙනෙක් මේ තරගාවලිය නරඹන්න වැඩි උනන්දුවක් දක්වනවා. ඒ පිරිස ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි. ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් පවා මේ තරගාවලිය නරඹනු නියතයි. ඒ වගේම පාකිස්තානු ක්‍රීඩකයින් රැසක් තරගාවලියට පැමිණිලා තියෙන නිසා පාකිස්තානු ජනතාවත් මේ තරගාවලිය විශාල ලෙස නරඹයි. බංග්ලාදේශයෙත් ගොඩක්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පිරිසක් ඉන්නේ. ඔවුනුත් මේ තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නරඹයි” යැයි ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍ය අතින් වැඩි වාසි ලබා ගැනීමට අත්‍යවශ්‍යම අංශය පිළිබඳව පුංචිහේවා මහතා අදහස් දැක්වීය.

“පසුගියදා නිමාවට පත් වුණු අයි. පී. එල්. තරගාවලිය දිහා බලන්න. ඒ තරගාවලියට අපෙන් සහභාගි වුණේ එක් ක්‍රීඩකයෙක් පමණයි. ඒත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ තරගාවලියම නැරඹුවා. ඒ වගේම තමයි අපේ තරගාවලියත් මේ රටේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වීම ආරම්භ වීමත් සමඟ අපේ ක්‍රීඩා ලෝලීන් තරග නැරඹීමට වැඩි උනන්දුවක් දක්වනවා. තරගාවලි විකාශනය අයිතිය හිමි සෝනි සහ ස්කයි ආයතන දෙකෙන් ලෝකය පුරා ප්‍රචාරය කෙරෙන නිසා මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් විශාලයි” යැයි පුංචිහේවා මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.

“අපි මුලින්ම මේ තරගාවලිය දිහා බැලිය යුත්තේ මූල්‍යමය වාසිය අමතක කරලා. අපේ ක්‍රීඩකයින්ව ඉහළ තලයකට ඔසවා තැබීම තමයි මේ තරගාවලියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ”.
“ලොව නමක් දිනා සිටින ජනප්‍රිය ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලියට සහභාගිවෙනවා. අපේ තරුණ ක්‍රීඩකයින්ට මේ පිරිසගෙන් උපදෙස් සහ අත්දැකීම් රැසක් ලබාගන්න පුලුවන්. කළින් කිව්වා වගේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව IPL තරගාවලිය තුළින් ලබා ඇති සීඝ්‍ර ප්‍රගතිය හා සමානම ප්‍රගතියක් LPL තරගාවලිය හරහා අපිට ලබාගත හැකියි. අද ඉන්දියාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයින් පිරිසක් IPL හරහා බිහිව සිටිනවා. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයින්ටත් ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය කුසලතා පෙන්වීමට මේ තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක්” යැයිද පුංචිහේවා මහතා විශ්වාසය පළ කරයි.

කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධාන කටයුතු සඳහාද බලපෑ අතර එබැවින් තරගාවලිය පැවැත්වෙන දින සම්බන්ධව නොයෙක් වරක් සංශෝධන සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. එමෙන්ම සෞඛ්‍ය උපදෙස් මත තරගාවලිය පැවැත්වීමද එක්තරා මට්ටමකට අභියෝගයක් වූ නමුත්, ඒ සියළු බාධක ජය ගනිමින් ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක  කමිටුව කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීයය. LPL තරගාවලිය පැවැත්වීම සම්බන්ධව විධායක කමිටුව ගත් තීරණය 2020 වසරේදී යථාර්ථයක් බවට පත් කර ගැනීමට තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන රවීන් වික්‍රමරත්න, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය සහ ක්‍රිකට් ආයතන නිලධාරීන් ලබා දුන් දායකත්වයද මේ මොහොතේ අමතක කළ නොහැකිය.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු එකම ජාත්‍යන්තර තරගාවලියකට හෝ සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවූ අතර ජාතික කණ්ඩායමේ පුහුණුවීම්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. කෙසේ වෙතත් මෙවැනි අසීරු තත්ත්වයකදී තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව කරන ලද විමසීමේදී අදහස් දක්වා සිටි හිටපු ක්‍රිකට් සභාපතිවරයා, “මේ දිනවල ලොව පුරා පවතින වෛරස් තත්ත්වයත් එක්ක තරගාලියක් සංවිධානය කිරීම අපහසු යැයි සිතීම කොහෙත්ම යුතු නෑ. නොබෝදා නිමාවට පත් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වූ ආකාරය අනුගමනය කරමින් අපේ තරගාවලිය සංවිධානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකි වේවි. ඒ වගේම මේ වගේ අවස්ථාවක අමාරුවෙන් හරි තරගාවලිය සංවිධානය කිරීම ගැන මම සතුටට පත් වෙනවා”යි කරුණු දක්වා සිටියේය.

The post LPL අපිට හොඳ ආයෝජනයක් – ආනා පුංචිහේවාගෙන් සහතිකයක් appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

- colombogazette.com

SIPRI Report Reveals India’s Surge in Military Spending, Self-Reliance Drive Amidst Escalating Geopolitical Tensions The latest report by the Stockholm International Peace Research Institute (SIPRI) paints a picture of India’s burgeoning military prowess, showcasing a significant climb in global rankings. With a military expenditure totaling $83.6 billion in 2023, India secured the fou...

- adaderana.lk

Tornadoes killed four people in Oklahoma, including an infant, and left thousands without power Sunday after a destructive outbreak of severe weather flattened buildings in the heart of one rural town and injured at least 100 people across the state.

- colombogazette.com

By N Sathiya Moorthy If there is one job that is more difficult than being the CEO of a global government, it is being the elected Executive President of Sri Lanka – or, any other democracy of disproportionate sizes. Notwithstanding what incumbent Ranil Wickremesinghe has since said about the future of Executive Presidency – conveniently, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc