කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමට තීරණයක්
දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. <br><br> පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම උපදෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බවය.