අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට විශේෂ ක්‍රියාමාර්ග රැසක්
අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට අවශ්‍ය විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් ජී ඩබ්ලිව් රාජපක්‍ෂ අනුස්මරණ කුසලානය හදුන්වා දීම මෙන්ම ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
මෙම කුසලානය ඉදිරියේදී දක්‍ෂතම ශිෂ්‍ය භටයා වෙනුවෙන් වාර්ෂිකව ප්‍රදානය කිරීමට නියමිතයි.
මේ අතර කොරෝනා ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම නිදහස් වේවායි යන ප්‍රාර්ථනයෙන් යුතුව කිරි අම්මාවරුන් 115 දෙනෙකු වෙනුවෙන් කිරි දානය පිරිනැමීමේ පිංකමක් මරදාන අහුංගල්ල ශ්‍රී පුලිනතලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ආරක්‍ෂක ලේකම්වරයා එම පිංකමට ද එක්වුණා.
The post අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනයට විශේෂ ක්‍රියාමාර්ග රැසක් appeared first on ITN News.