වතු වැටුප්: රජය පොරොන්දුවූ රුපියල් දහසක දෛනික වැටුප වතු කම්කරුවන්ට අහිමි වේද?
රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට දෙන බවට රජය දුන් පොරොන්දුව මෙතෙක් ක්‍රියාවට නැංවී නැති අතර ඊට වතු සමාගම් ද සිය අකමැත්ත පළකර තිබේ. වතු කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම සිය අභිප්‍රාය බවට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයෙන් පෙන්නේ රජයේ ස්ථාවරය වෙනස්වී ඇති බවක් ද?