රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට
සිව් වසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය රංජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඩුවම් නියම කරා. ඒ විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව ගත් තීන්දුවකට අනුවයි.
ඒ අනුව සිර දඩුවම් නියම වූ රංජන් රාමනායක මහතා මීගමුව පිහිටි පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට appeared first on ITN News.