‘නීවාර්’ සුළි කුණාටුව නැගෙනහිරෙන් බලවත්ව නැගෙයි !
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ‘නිවාර්’ සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ නැගෙනහිරින් ස්ථානගතව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් දුරින් උතුරු දෙසට ආසන්න වෙමින් පැවති එය ඉදිරි පැය 24ක කාලය තුළ වඩා ප්‍රචන්ඩ සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. 60-80 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකිය. උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.
තද සුළං හා එක්වර අධික වැසි වැටීමෙන් සිදුවන තත්වයන් සම්බන්ධ අවධානයෙන් සිටින ලෙසද කාලගුණ අනාවැකියෙන් අනතුරු අඟවා ඇත.
The post ‘නීවාර්’ සුළි කුණාටුව නැගෙනහිරෙන් බලවත්ව නැගෙයි ! appeared first on Lanka Views | Views of the truth.