ධීවර ජනතාව රැක ගැනීමට රජය පැහැදිලි වැඩපිළිවෙළක සිට කටයුතු කරන බව අගමැති කියයි
ධීවර ජනතාව රැක ගැනීම සඳහා වත්මන් රජය පැහැදිලි වැඩපිළිවෙලක සිට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම ජනතාව වෙනුවෙන් උපරිම සහන ලබාදීමට ද ක්‍රියාකර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
ගන්දර ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. යෝජිත ධීවර වරාය තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දිය කඩනයක් ඉදිකෙරෙනවා. ඒ තුළින් බහුදින යාත්‍රා 400 කට පමණ ධීවර කටයුතු සඳහා පහසුකම් සැළසෙනවා. මාස 36 කින් ඉදිකිරීම් අවසන් කිරීම සැළසුමයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6667 ක්.
The post ධීවර ජනතාව රැක ගැනීමට රජය පැහැදිලි වැඩපිළිවෙළක සිට කටයුතු කරන බව අගමැති කියයි appeared first on ITN News.