විදේශයන්හි සිට පැමිණි 69කට කොරෝනා – ඊයේ දිනයේ අසාදිතයින් 538ක් හමුවෙයි
විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 69 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ (10) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊයේ (10) දිනයේ හදුනාගත් ආසාදිතයින් 538 දෙනා අතරට විදේශීය සිවිල් නාවික ආරක්ෂක නිලධාරියකු ද ඇතුළත්. වැඩිම ආසාදිතයන් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 304 ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 38 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්28 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.
මේ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ කොරෝනා පොකුර 26981 දක්වා ඉහළ ගියා ඉන් පුද්ගලයින් 18853 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30613 ක්. ඒ අතරින් 8206 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 716 ක්. කොරෝනා ආසාදිතයින් 22261 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
The post විදේශයන්හි සිට පැමිණි 69කට කොරෝනා – ඊයේ දිනයේ අසාදිතයින් 538ක් හමුවෙයි appeared first on ITN News.