රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ
ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසනවා.
රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ කපිල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතීන් අතර සහයෝගය වර්ධනය කිරීමට නොහැකිවී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ බාධාකිරීම් හේතුවෙන් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
පැවැත්වීමට යෝජනාවී තිබූ සංඝ කථිකාවත සම්බන්ධයෙන් ද මහ නාහිමියන් විමසා සිටියා. සංඝ විනිශ්චය මණ්ඩලයක් ඇතිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් ලේකම්වරයා මහ නාහිමියන් දැනුවත් කළා.
The post රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ appeared first on ITN News.