ටැබ් පරිගණක නොමිලේ ගන්න ලියාපදිංචි කිරීම ජාවාරමක්!
මේ දිනවල පාසල් අධ්‍යාපනය සඳහා, ලැප්ටොප් හා ටැබ් පරිගනක අවශ්‍යතාව භාවිත කරමින් ඒවා අවශ්‍ය පුද්ගලයන්ගේ දත්ත රැස්කරන ජාවාරමක් අන්තරජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබේ.
ටැබ් හා ලැප්ටොප් අවශ්‍ය අයට ලියාපදිංචිවන ලෙස සබඳතාවක් බෙදාහරිමින් පවතින අතර ඒ සබඳතාව ඔස්සේ යන විට පෞද්ගලික තොරතුරු සහිත ආකෘතියක් සම්පුර්ණ කිරීමට සිදු වේ. මේ හරහා එවැනි පරිගණක උපාංග අවශ්‍ය අයගේ නාම ලේඛනයක් හා පෞද්ගලික තොරතුරු එක්රැස්කිරීම ජාවාරම්කාරී පියවරක් බව නිසැකය.
කෙසේවෙතත් රජය විසින් පාසල් දරුවන්ට එවැනි උපාංග නොමිලයේ දියයුතු තත්වයක් ඇති නමුත් ඒවා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් පවා සිදුකර නැත. පසුගිය ආණ්ඩුවද එසේ නොමිලයේ ටැබ් ලබා දෙන බවට බොරු පොරොන්දු දී ජනතාව නොමග යවා ඇත. මේ නිසා ජාවාරම්කාරී පුද්ගලයන්ට හා ආයතනවලට උපාංග අවශ්‍යවන පුද්ගලයන් ආකර්ෂණය කරගෙන සිය වෙළඳ ජාවාරම් ඉදිරියට ගෙනයාමේ ඉඩකඩ ලැබී ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ පරිගණක බෙදාදීමේ වැඩසටහනකට අයදුම්කරුවන් ලියාපදිංචි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බවය.ඒම නිවේදනයේ මෙසේද සඳහන්ය.
“රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත.”
The post ටැබ් පරිගණක නොමිලේ ගන්න ලියාපදිංචි කිරීම ජාවාරමක්! appeared first on Lanka Views | Views of the truth.