මහර බන්ධනාගාර ගබඩාව ගිණි තැබීම පිටුපස බන්ධනාගාර අධිකාරීවරයා සිටින බවට චෝදනා
මහර බන්ධාගාරයේ ඇතිවූ ගැටුම අවස්ථාවේ බන්ධනාගාර ගබඩාවට ගිණි තැබීම මහර බන්ධනගාර අධිකාරී ජගත් අධිකාරී විසින් සැලසුම් සහගතව කරන ලද්දක් බව ලංකා දවස වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එලෙස සැලසුම්සහගත ගිනි තැබීමක් කිරීමට හේතුව මහර බන්ධනාගාර ආරවුල සිදුවීමට දින ගනනකට පෙර රැදවියන්ට ආරක්ෂිත මුව වැසුම් මැසීම සඳහා ලැබුණු රෙදි තොගයක් බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ විසින් පිටකොටුවේ ව්‍යාපාරිකයට රහසිගතව විකිණීම පිළිබඳ හෙළිදරව් වීම වැලැක්වීමයි.
එසේම මෙම ජගත් වීරසිංහ නැමැත්තා පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි අවධියේ බරපතල ඝනයේ ස්ත්‍රී අපයෝජනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිස් සේවාවෙන් ඉවත් කරනු ලබුවෙකි. අපරාධමය චෝදනා මත පොලීස් සේවාවෙන් ඉවත් කළ ජගත්වීරසිංහට නැවත රාජ්‍ය සේවාවට එක්වීමට නෛතික හැකියාවක් නොමැති පැවතියද ව්‍යාජ ලියකියවිලි සකස් කරගෙන ඔහු නැවත ජේලර්වරයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වී ඇති බව ලංකා දවස වෙබ් අඩවිය වාර්තා කරයි.
The post මහර බන්ධනාගාර ගබඩාව ගිණි තැබීම පිටුපස බන්ධනාගාර අධිකාරීවරයා සිටින බවට චෝදනා appeared first on Lanka Views | Views of the truth.