උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීම – හෙට ජාතික විරෝධතා දිනයක්!
2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් 1428කගේ සේවය ස්ථිර නොකිරීමට විරෝධය දක්වමින් ‘ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය’ විසින් හෙට(21) ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.
උපාධිධාරි අභ්‍යාසලාභීන්ගේ වසරක පුහුණුව අවසන්ව මාස 4ක් ගෙවී ගොස් ඇතත් නියමිත ආකාරයෙන් සේවයේ පිහිටුවීම මගහරිමින් ආණ්ඩුව සංවර්ධන නිලධාරින් බඳවාගැනීම යනුවෙන් සිදුකළ වංචාව නිසා අභ්‍යාසලාභීහු අසරණභාවයට පත්ව ඇත. මැතිවරණ ආසන්නයේ උපාධිධාරින්ට රැකියා ලබා දෙන බවට ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය ප්‍රචාරය හා සසඳනවිට පත්වීම් ස්ථිර කිරීමක් සිදුකර නැත.
මේ හේතුව නිසා දිස්ත්‍රික් ගණනාවක සංවර්ධන නිලධාරි අභ්‍යාසලාභීන් හෙට දින මෙම විරෝධතාවයට එක්වන්නට නියමිතය. ප්‍රධාන විරෝධතාව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිටදී පෙරවරු 10.00ට පැවැත්වෙනු ඇත.
මීට අමතරව, ගම්පහ, කලුතර, හම්බන්තොට, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, නුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට නියමිතය.
The post උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීම – හෙට ජාතික විරෝධතා දිනයක්! appeared first on Lanka Views | Views of the truth.