හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරේ
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් දහයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශය නවයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
මේ අතර උත්සව සමය තුළ රන් භාණ්ඩ, යතුරු පැදි හෝ ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මහජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
The post හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරේ appeared first on ITN News.