ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කරනවා
ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරනවා.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සදහන් කළේ මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ වැඩසටහනේ වැඩබිම් නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. ඒ කිලිනොච්චිය මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල පැවති ප්‍රදේශයේයි. යුද සමයේ මෙම ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සියල්ලම ඉක්මණින් ඉවත් කර ජනතාව ආරක්ෂිතව යළි පදිංචි කරවීම අරමුණයි. බිම් බෝම්බ අවදානම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද මෙහිදී පැවැත්වුණා.
The post ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කරනවා appeared first on ITN News.