නඩු පවරන්න බැරි මුක්තිය පුටිනුත් තියාගෙන හිටපු අයටත් දෙන්න පුටීන් අත්සන් තබයි
රුසියාවේ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජීවිත කාලය පුරා නඩු පැවරීමට නොහැකි වන ආකාරයට පූර්ණ මුක්තිය ලබාදීමට නව පනතක් හදුන්වා දී තිබෙනවා.
රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් ඊට අදාළ පනත් කෙටුම්පතට අත්සන් තබා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කළේ. මේ අනුව රුසියා ජනාධිපතිවරුන්ට කිසිදු ආකාරයක අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ගේ ජීවිත කාලය තුළදී හැකි වන්නේ නැහැ. එසේම රුසියා ජනාධිපතිවරුන් ජීවිත කාලය පුරා සෙනට් සභිකයන් ලෙස සැළකීමද සිදුවනවා. ව්ලැඩිමිර් පුටින් මෙම වසරේදී හදුන්වා දුන් ප්‍රතිසංස්කරණ මාලාවේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙස මෙය හැදින්විය හැකි බවයි දේශපාලන විචාරකයන් පැවසුවේ. නව ප්‍රතිසංස්කරණ යටතේ ව්ලැඩ්මිර් පුටින් හට ජනාධිපති ධූරයේ තවත් වසර 12 ක කාලයක් සිටීමටද හැකි වනවා. නව ව්‍යවස්ථාවද සංශෝධනය කිරීම සදහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොවුනේ නම් පුටින් හට 2024 වසරේදී සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට සිදු වනවා. නව නීති සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ හදුන්වා දී ඇති සංශෝධන නීතිවිරෝධී බවයි. පසුගිය කාලය තුළදී පුටින් පාලනයට එරෙහි දේශපාලන නියෝජිතයන්ට විවිධාකාරයේ බලපෑම්වලට ලක්වීමට සිදු වුණා.
The post නඩු පවරන්න බැරි මුක්තිය පුටිනුත් තියාගෙන හිටපු අයටත් දෙන්න පුටීන් අත්සන් තබයි appeared first on ITN News.