අතින් වියදම් කරගෙන ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ගේ වැඩ බැලීමට ලොක්කන් සූදානම්ලු!
පාසල් දරු දැරියන් වෙනුවෙන් සිය වියදමින් ස්වෙච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපන පන්ති පවත්වන පාසල් ගුරුවර ගුරුවරියන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමට බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණයකර ඇත.
ඒ අනුව, පළාත තුළ සියලුම ඔන්ලයින් පන්ති පවත්වන ගුරු භවතුන්ගේ අදාළ ඔන්ලයින් පන්තිවල, සබඳතා සහ ‘රහස්පද’ තමන් වෙත ලබා දෙන ලෙස ගුරුවරුනිට නියෝග කරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් විසින් ලිපියක් යවා ඇත. මේ අනුව, Zoom, MS Team, Google Classroom, Go Meeting යනාදී ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදවලින් උගන්වන ගුරුවරුන් පිරවීමට ආකෘති පත්‍රයක්ද හඳුන්වාදී ඇත.
පසුගිය කාලය පුරාම ගුරුවරුන්ට අදාළ වැටුප් විෂමතා සම්බන්ධව සහ ගෙවීමට නියමිත වැටුප් හා දීමනා නොගෙවීම සම්බන්ධයෙන් ගුරු අරගලයක් පැවතුණි. ගුරු විරෝධතාවලට ප්‍රහාර එල්ල විය. අද දක්වා ගුරු ගැටලුවලට සවන්දීමට වත්මන් ආණ්ඩුවේ බලධාරින් හෝ පසුගිය ආණ්ඩුවේද සිටි වත්මන් ඇමතිවරු හෝ කිසිදු අවධානයක් ලබා දී නැත. මාර්තු මස පාසල් වසා දැමීමෙන් පසුව, හඳුන්වා දුන් ඔන්ලයින් පන්ති පැවැත්වීම මේ දක්වා සිදු වූයේ ගුරුවරුන්ගේ උවමනාවටය. පාසල් අධ්‍යාපනය ගුරුවරුන්, විදුහල්පතිවරුන්, මව්පියන් හා දරුවන් මත පටවා නිහඬව සිටි ආණ්ඩුව සහ අධ්‍යාපන බලධාරින් හීනෙන් අවදිව මරු කියවනවාදැයි ඇතැමුන් ප්‍රශ්න කර තිබේ.
මේ වනවිට මාස 9ක් ඉකුත්ව ඇති කොරෝනා වසංගතය පුරා ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදුණු ගුරුවරුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සතයක් වියදම් නොකළ, වචනයකින් සොයා බැලීමක් නොකළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ගුරුවරුන්ගේ වැඩ බැලීමට සූදානම්වීම ජුගුප්සාජනකය. පහත පළ වන්නේ ගුරුවරුන්ගෙගේ ඔන්ලයින් පන්තිවල වැඩ බැලීමට පළාත් අධයක්ෂ යැවු ලිපියක සේයාරුවකි.
The post අතින් වියදම් කරගෙන ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ගේ වැඩ බැලීමට ලොක්කන් සූදානම්ලු! appeared first on Lanka Views | Views of the truth.