අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි
අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඒ අනුව ඉතිහාසයේ විශ්ව විද්‍යාලවටල බඳවා ගන්නා වැඩිම සිසුන් ප්‍රමාණය වූ සිසුන් 41,500ක් බඳවා ගැනීම ආරම්භ කර ඇති අතර එම බඳවා ගන්නා දරුවන්ගේ අධ්‍යනය කටයුතු දෙසැම්බර් මස සිට ආරම්භ වෙන බවද ඒ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂය අන්තර්ජාල ඔස්සේ සිදු කෙරෙන අතර එම දරුවන්ට අන්තර්ජාලයට පිවිසීම සඳහා අවශ්‍ය පරිගණක ලබා දීමටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මහජනබැංකුව මගින් ලබාදෙන විශේෂ ණය යෝජනා ක්‍රමයක් යටතේ එම ලැප්ටෝප පරිගණක ලබා දීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ මුහුණට මුහුණ දේශන නොපැවැත්වුවද අන්තර්ජාලය ඔස්සේ අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බැවින් විශ්ව විද්‍යාල පද්ධතිවය වසා දමා නොමැති බවයි. 2020 මාර්තු මාසයට පෙර විමසා බැලුවහොත් අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීම ඉතා පහළ මට්ටමක පැවති බවත් එහෙත් මෙය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩ ඉම් අවස්ථාවක් බවත් අද සියළුම අධ්‍යයන අංශ අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන බවයි.
කොරෝනා වසංගතය ආරම්භ වූ මාර්තු මස සිට මිලියන 3.6 වාර ගණනක් දරුවන් විශ්ව විද්‍යාල දේශන වලට සහභාගි වී ඇති බවත් දේශන 70,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පවත්වා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. පසුගිය ජූනි , ජූලි මාන වල දරුවන්ගේ විභාග පැවැවත් වීමේ හැකියාව ලැබුණු බවද සැප්තැම්බර් මාසයේ දෙවන රැල්ලත් සමග නැවතත් දරුවන් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය හැදෑරීමට පෙළෙඹුනු බවත් කීය.
තමා විශ්ව විද්‍යාල සිසුවකු වූ 1987 වසරේ විශ්ව විද්‍යාල වසාදමා නැවත ඇරඹුනේ 1990 වසරේ එනම් වසර 03කින් බවත් එම දුක තමා හඳුනන බවත් කී විශ්ව විද්‍යාල කොමිසමේ සභාපතිවරයා එම දුක වර්තමාන දරුවන්ට නොදී ඔවුන් එම උවදුරනේ ගලවා ගැනීම අරමුණ බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තර දරුවන් ලබන පහසුකම්, සියල්ල ලබා දීමට විශ්ව විද්‍යාල පද්ධතිය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
The post අන්තර්ජාලය ඔස්සේ පළමු වතාවට විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඇරඹෙයි appeared first on ITN News.