බස් ගාස්තු සංශෝධනය කෙරේ
බස් ගාස්තු සංශෝධනය අදසිට ක්‍රියාත්මක වනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම හේතුවෙන් බස් රථ හිමියන්ට ඇතිවන පාඩුව අවම කිරීම සදහායි බස්රථ ගාස්තුව සංශෝධනය කෙරුණේ.
ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම සිදුවන්නේ දැයි නිරීක්ෂණයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළා. පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්රථ, නැවතුම්පොළට පැමිණි ඒ් මහතා අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් බස්රථ සේවකයන් දැනුවත් කළා.
මේ අතර පානදුර බස්නැවතුම්පොල නිරීක්ෂණයට ද දේශබන්දු තෙන්නකෝන් මහතා එක්වුණා. කොරෝනා පිළිබද ජනතාව දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කෙරුණා. පුළුල් තිරයක් ඔස්සේ වීඩියෝ දර්ශන මගින් ජනතාව දැනුවත් කිරීමටය කටයුතු කෙරුණේ. පානදුර බස්නැවතුම් පොලේ සිටි පිරිසට මුඛ ආවරණ බෙදා දීම ද බස් නැවතුම්පොල විෂබීජහරණය කිරීම ද මීට සමගාමීව සිදු කෙරුණා.
The post බස් ගාස්තු සංශෝධනය කෙරේ appeared first on ITN News.