එටා සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත දරුණු බලපෑම්
එටා සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත දරුණු බලපෑම් එල්ල කරනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නගර දහතුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතුකර තිබෙනවා. අත්ලාන්තික් කලාපයේ රටවල් රැසකට බලපෑ එටා සුළි කුණාටුව හේතුවෙන් අලාභහානි රැසක් වාර්තා වුණා. පැයට කිලෝමීටර් 180 ක වේගයෙන් හමායන සුළග හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද ෆ්ලොරීඩා ප්‍රාන්ත කාලගුණික අංශ අනතුරු අගවනවා. ප්‍රදේශ ගණනාවක වැසියන් ආරක්ෂිත ස්ථානකරා රැගෙන යාම ද මේ වනවිට සිදුවනවා.
The post එටා සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත දරුණු බලපෑම් appeared first on ITN News.