වසංගතයෙන් ජීවිත හානි මට්ටම ඉහළට – රෝගීව මහමග මිය යන ප්‍රවණතාවක්!
කොරෝනා වසංගතයේ නව තත්වයක් සම්බන්ධ අනතුරු අඟවමින් රෝගීව මහමග මියයන තත්වයක් උද්ගතව ඇත.
මේ වනවිට ස්ථාන කිහිපයකින් හමු වූ මලසිරුරු සාක්ෂ්‍ය දරන්නේ කොරෝනා වසංගතයේ අතිශය අවදානම් තත්වයක් කරා ලංකාවේ සමාජය ගමන් කරමින් තිබෙන බවය.
පසුගිය සතියේ ඇති වූ නිවසේදී හදිසියේ මිය යන කොරෝනා රෝගීන් සම්බන්ධ තත්වයේම වඩා බියකරු වර්ධනයක් මේ අනුව අනාවරණය වේ. නිවසේදී රෝගී වීමෙන් හදිසියේ මිය ගිය බොහෝ දෙනා හදිසි හෘදයාබාධ තත්වයන් නිසා එසේ මරණයට පත්ව ඇත. මේ අනුව, කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාදාමය වඩා වේගවත් කළ යුතු බව සෞඛ්‍ය සේවයේ බොහෝ වගකිවයුතු පුද්ගලයන් ආණ්ඩුවට අවධාරනය කිරීමේ සත්‍ය අනාවරණය වෙමින් තිබේ.
මේ වනවිට මිය ගොස් මහමගදී හමුව ඇති පුද්ලයන්ගේ මරණයට හේතුව කොරෝනා රෝගයදැයි අනාවරණය කරගත යුතු අතර එය එසේනම් වහාම නව තත්වයකට සමාජයක් ලෙස මුහුණ දීමේ සූදානම අවශ්‍ය වේ.
කෙසේ වෙතත් ආණ්ඩුව වසංගතය සම්බන්ධයෙන් ආරම්භයේදීම වගකීමෙන් තොරව පියවර ගැනීම් සිදුකළ බවද තවමත් සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ප්‍රමුඛතා සහ ප්‍රතිපාදන ලබාදීමේ තත්වයක් නැති බවද මෙහිදී අවධාරනය කිරීමට සිදුව ඇත. කෝවිඩ් අරමුදලට රු. කෝටි 1600කට අධික මුදලක් එකතුව තිබියදී වසංගතය සඳහා අවශ්‍ය සූදානම වෙනුවෙන් ඒ අරමුදල කළමනාකරණය කර නැති බව අනාවරණය වන්නේ රෝහල්වල මෙන්ම කොරෝනා මර්දන කාර්ය මන්ඩලවලට හෝ රෝහල් සඳහා අරමුදල් නිකුත්කර අවශ්‍ය පියවර ගෙන නැති බැවිනි. මේ වනවිටත් කොරෝනා අරමුදලේ වියදම් කර ඇති මුදල වන්නේ රු. කෝටි 402කට මදක් වැඩි මුදලකි.
අත්‍යවශ්‍ය වියදම් සඳහා නොගෙන, රුපියල් කෝටි 1200ක් පමණ සුරැකිව තබා ගෙන ඇත්තේ ඇයිද යන්න පාලකයන් කරුනු දැක්විය යුතුව ඇත. රජයේ රෝහල්වලට, වසංගතයේදී අවශ්‍ය හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක සූදානම් කිරීම දුර්වලය. ඒපමණක් නොව, රෝහල් ඇඳන් නොමැති, වෛද්‍ය උපකරණ හෝ අවම වශයෙන් පෞද්ගලික ආරක්ෂක කට්ටල නොමැති රෝහල් කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ රෝගයට ගොදුරුවීමේ තත්වය ඇතිව තිබේ.
The post වසංගතයෙන් ජීවිත හානි මට්ටම ඉහළට – රෝගීව මහමග මිය යන ප්‍රවණතාවක්! appeared first on Lanka Views | Views of the truth.