කොළඹ වරායේ සේවක හිඟය හේතුවෙන් නැව් මෙහෙයුම් ප්‍රමාදයි – පැමිණෙන නැව් හැරී යන තත්වයක්!
කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ වරායේ සේවකයන් සේවයට කැඳවීමේ ගැටලුව නිසා වරාය නැව් භාණ්ඩ මෙහෙයුම් ප්‍රමාද වී ඇති අතර මේ වනවිට නැව් ගණනාවක් ප්‍රමාදය විඳිමින් වරායෙන් පිටත නැංගුරම් ලා තිබේ.
කොළඹ වරායේ සේවය කරන දහස් ගණනක් සේවකයන් අතුරින් විශාල පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිට සේවයට පැමිණෙන බවත් ඔවුන් පසුගිය කාලයේ කොරෝනා ආසාදන ව්‍යාප්තිය නිසා සේවයට වාර්තා කිරීම නවතා ඇත.
මේ පසුබිම යටතේ කොළඹ වරායට පැමිණෙන බහලුම් නැව් විශාල ලෙස ප්‍රමාදවන බව වරාය ආරංචිමාර්ග පවසයි.
The post කොළඹ වරායේ සේවක හිඟය හේතුවෙන් නැව් මෙහෙයුම් ප්‍රමාදයි – පැමිණෙන නැව් හැරී යන තත්වයක්! appeared first on Lanka Views | Views of the truth.