සිරකරුවන් කොරෝනා වසංගතයට බිලිදීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි!
බන්ධනාගාරවලදී ආසාදිතයන් 200කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබියදී සුලු වැරදි නිසා හෝ දඩ ගෙවීමට නොහැකි නිසා සිරගතවූවන් මේ නිසා කොරෝනා වැලඳීමේ අනතුරට ලක්ව ඇත.
බන්ධනාගාරවල සිටිය හැකි සිරකරුවන් මෙන් තුන්ගුණයකටත් වැඩි පිරිසක් රඳවා ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරය වැනි වරදකරුවන් ලෙස විනිශ්චයට ලක් නොවූවන් මේ ආකාරයේ වැඩිම තදබදයකට මුහුණ දී සිටින බව බන්ධනාාර ආරංචි මාර්ග පවසයි.රුපියල් දහසක් වැනි මුදලක් ගෙවීමට නොහැකි වීමෙන් බන්ධනාගාර ගත කෙරෙන පුද්ගලයන් මේ ආකාරයෙන් රඳවා තැබීම ගැටලු සහගත වුවද දැන් ඔවුන් සියලු දෙනා ඉඩකඩ නොමැති සිර මැදිරිවල කණ්ඩායම් ලෙස හෝ ශාලාවල සිය ගණනින් රඳවා ඇත.
කොවිඩ් 19 වෛරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය 180 දක්වා ඉහළ ගොස් තිබෙන බව බන්ධනාගාර ප්‍තොතරුරු අනාවරණය කරයි. දෛනිකව බන්ධනාගාරවලින් ආසාදිතයන් 10-12 බැගින් හමුවන තත්වයකදී සියලු බන්ධනාගාරවල රැඳවියන් PCR පරීක්ෂණයට ලක් කරන ලෙස ඉල්ලමින් බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් වහළයට නැගී උද්ඝෝෂණයක නිරතව තිබිණි.
කොරෝනා වසංගතය ආරම්භ වූ මාර්තු මසදී විවිධ සංවිධාන හා නීතිඥ සංවිධාන මෙවැනි සුලු වැරදිවලට සිරගතකළ වුන් හෝ දඩ ගෙවීමට නොහැකිවූවන් නිදහස් කිරීමේ තීරණ ගැනීමේ අධිකරණ ක්‍රියාදාමයක් ඉල්ල සිටියහ. එසේම දැනට අධිකරණයේ විභාග කෙරෙන නඩුවල සැකකරුවන් බන්ධනාගාරයේ රඳවා තැබීමද නවතන ලෙස ඉල්ලා සිටියේ වසංගතය බෝවීමේ ගැටලුවට පිළියමක් ලෙසයකෙසේවෙතත් දැන් දෙවන කොරෝනා රැල්ල හමුවේද මෙම ගැටලුවට පාලකයන් විසින් විසඳුම් ලබා දී නැත. මෙම තත්වය යටතේ සිරකරුවන් වසංගතයට බිලිදීමේ දැනුවත් සැලැස්මක් ක්‍රියාත්මක වන්නේදැයි සමාජ ක්‍රියාකාරිකයෝ ප්‍රශ්න කරති.
The post සිරකරුවන් කොරෝනා වසංගතයට බිලිදීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි! appeared first on Lanka Views | Views of the truth.