විදේශගත ලාංකික ශ්‍රමිකයන් 100ක් මිය ගිහින් – බලධාරින් වගකීමකින් කටයුතුකර නෑ!
මේ වනවිට විදේශගත ලාංකිකයන් 100ක් පමණ කොරෝනා වැලඳීමෙන් මියගොස් ඇතත් රෝගයෙන් පීඩා විඳින දහස් ගණනක් ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නට නිසිදු වැඩපිළිවෙළක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කර නැති බවට චෝදනා එල්ල වී ඇත.
වරින්වර විවිධ රටවලින් පිරිස් ගෙන්වන පුවත් පළ වුවද මැදපෙරදිග වැඩි අවදානමක් ඇති රාජ්‍යයන්හි අනාරක්ෂිතව, මහාමාර්ගවල හෝ තාවකාලික නවාතැන්වල හෝ අගුපිල්වල රැඳී ිසිටන ලාක්කියන් ගෙන්වා ගැනීමේ ප්‍රමුඛතාවක් වෙනුවෙන් ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත. මේ තත්වය නිසා සමාාජ මාධ්‍ය ඔසුසේ තම කේදවාචකය අනාවරණය කරමින් ඔවුන් විසින් ජනාධිපතිගෙන් හා ආණ්ඩුවෙන් මාස ගණනක් සිදුකළ ආයාචනා, බීරි අලින්ට වීනා ගැයීමක් බවට පත්ව තිබේ.
වෙනත් කටයුතුවලට යවන ගුවන්යානාවලින් මැදපෙරදිග රටවලින් 10-20 වැනි සංක්‍යා මෙරටට ගෙන්වා ගන්නා අතර එක දිගට ගුවන් සේවා හරහා අතරමංව සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමක් සිදුව නැත. ආණ්ඩුවේ නායකයන් මේ සම්බන්ධව මානුෂිකව කල්පනා නොකරන්නේ ඔවුන් ගෙන්වා ගැනීමෙන් මෙරට රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හෝ රෝගී මරණ ඉහළ යාමේ අවදානම නිසා බව පැහැදිලිය. තවද නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැති බවද රෝහල් පහසුකම් නැති බවද කියමින් පාලකයන් නිදහසට කරුණු කියන්නේ සෞඛ්‍ය ප්‍රතිපාදන බිලියන 20කින් කපා දැමීමට අයවැය යෝජනා කරමිනි. ඉදිරි වසරේද කොරෝනා වසංගතයේ අවදානම තිබියදී සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම වෙනුවට ප්‍රතිපාදන කපා දමන්නේ පෞද්ගලික අංශයට වසංගතයෙන් ලාභ ඉපදවීමට අවස්ථාව ලබාදීමට බව පැහැදිලිය.
The post විදේශගත ලාංකික ශ්‍රමිකයන් 100ක් මිය ගිහින් – බලධාරින් වගකීමකින් කටයුතුකර නෑ! appeared first on Lanka Views | Views of the truth.